2027 ජාතික අයවැය යෝජනා හා VAT බද්ද
“2027 ජාතික අයවැය යෝජනා” තුළින් නිරාකරණය කර ඇත.
සිනමා කර්මාන්තයට අදාළව ප්රේක්ෂකයින්ගෙන් අයකරනු ලබන ප්රවේශපත්ර ගාස්තුව චිත්රපට නිෂ්පාදකයින්ට, සිනමාශාලාවන්ට, චිත්රපට බෙදාහැරීමේ මණ්ඩලයට, ජාතික චිත්රපට සංස්ථාවට හා විනෝද බද්ද ලෙස අදාළ පළාත් පාලන ආයතනයට බෙදී යා යුතුය.
2024 වර්ෂයේ සිට සිනමා කර්මාන්තයට VAT බද්ද ක්රියාත්මක කිරීම නිසා සහ VAT සඳහා ලියාපදිංචි විය යුතු සීමාව මත ඉහත පාර්ශව වෙත VAT බද්ද ලියාපදිංචි කිරීම, අයකිරීම, අයකළ බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම යන කරුණු සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී තිබුණි.
ප්රවේශපත්රවලින් පළාත් පාලන ආයතනවලට විනෝද බද්ද ලෙස වෙන්කරනු ලබන කොටස සඳහා VAT බද්ද නිදහස් කර ඇත.
2027 ජාතික අයවැය යෝජනාවේදී ප්රකාශයට පත්කළ පරිදි ඉහත චිත්රපට නිෂ්පාදකයින්ට, සිනමාශාලාවට, චිත්රපට බෙදාහැරීමේ මණ්ඩලයට සහ චිත්රපට සංස්ථාවට දීර්ඝ කාලයක් සිට පැවති ගැටළුව නිරාකරණය කරමින් “චිත්රපට කර්මාන්තය තුළ එකතු කළ අගය මත බද්ද” සාධාරණ හා සමාන ලෙස අදාළ කිරීම සහතික කිරීමේ අරමුණින්, ප්රේක්ෂකයන්ගෙන් සිනමා ප්රවේශපත්ර අලෙවියෙන් ලැබෙන ආදායම මත VAT බදු වගකීම ගණනය කිරීමේ පදනම සංශෝධනය කිරීම යෝජනා කර ඇත.
ඒ අනුව චිත්රපට නිෂ්පාදකයින්, සිනමාශාලාව, චිත්රපට බෙදාහැරීමේ මණ්ඩලය සහ චිත්රපට සංස්ථාව යන පාර්ශවයන්ගේ VAT බදු වගකීම තීරණය කරනු ලබන්නේ, ප්රේක්ෂකයන්ගෙන් අයකරනු ලබන ප්රවේශපත්ර වටිනාකම මත VAT බදු ගණනය කිරීම වෙනුවට, ප්රේක්ෂකයාගෙන් අයකරනු ලබන ප්රවේශපත්ර ගාස්තුවෙන් ඉහත එක් එක් පාර්ශවයන් වෙත හිමි කොටස, එනම් ලැබෙන හෝ වෙන්කරනු ලබන සිනමා ප්රවේශපත්ර ආදායම් කොටස මතය.
(විනෝද බද්ද හැර සංස්ථා භාරය හා චිත්රපට කුලිය)
| පාර්ශවය |
වායුසමීකරණය කළ
සිනමාශාලා |
වායුසමීකරණය නොකළ
සිනමාශාලා |
|---|---|---|
| නිෂ්පාදකයා | 40% | 45% |
| සිනමාශාලාව | 50% | 45% |
| බෙදාහැරීමේ මණ්ඩලය | 10% | 10% |
| සංස්ථා භාරය (වැඩිවීම) | ||
| ජා.චි.සංස්ථාව සහ සිනමාශාලාව | රු. 6.50 | රු. 6.00 |
සභාපති
ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාව
අංක 303, බෞද්ධාලෝක මාවත
කොළඹ 07.