NFC Press Notice - Riverstone
National Film Corporation emblem

THE NATIONAL FILM CORPORATION OF SRI LANKA

PRESS NOTICE | 11 November 2026

Sri Lanka’s ‘Riverstone’ Selected for Snow Leopard Competition at the 12th Asian World Film Festival, Los Angeles

Sri Lanka’s official submission for the 99th Academy Awards to screen on 14 November in Culver City

Sri Lankan film Riverstone, directed by Lalith Rathnayake, has been selected for the Snow Leopard Competition at the 12th Asian World Film Festival (AWFF), which will take place from 12 to 19 November 2026 in Culver City, Los Angeles.

The film, Sri Lanka’s official submission in the International Feature Film category for the 99th Academy Awards (2027), will have its North American premiere at the festival. The screening is scheduled for noon on 14 November at The Culver Theater in Culver City.

Produced by Prabath Roshan and Nimanthi Porage, Riverstone will compete alongside films representing China, India, Malaysia, Turkey, the Philippines, Taiwan, Israel, Vietnam, Kazakhstan, Mongolia, Pakistan, Bangladesh, Syria and Palestine.

The National Film Corporation of Sri Lanka invites Sri Lankan film enthusiasts living in and around Los Angeles to attend the screening and show their support for Sri Lankan cinema on this prestigious international platform.

Riverstone film festival poster
Riverstone film team

Screening Details

DateSaturday, 14 November 2026
Time12:00 noon
VenueThe Culver Theater, 9500 Culver Boulevard, Culver City, CA 90232, United States
Ticket PriceUS$15
More informationwww.asianworldfilmfest.org/2026-films/riverstone
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා ලාංඡනය

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

මාධ්‍ය නිවේදනය | 2026 නොවැම්බර් 11

Riverstone චිත්‍රපටය ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන 12 වැනි ආසියානු ලෝක සිනමා උළෙලේ Snow Leopard තරග අංශයට

99 වැනි ඇකඩමි සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජන චිත්‍රපටය නොවැම්බර් 14 වැනිදා Culver City හිදී තිරගත වේ.

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රිවර්ස්ටන්’ (Riverstone) චිත්‍රපටය, ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් Culver නුවරදී 2026 නොවැම්බර් 12 සිට 19 දක්වා පැවැත්වෙන 12 වැනි ආසියානු ලෝක සිනමා උළෙලේ (Asian World Film Festival - AWFF) Snow Leopard තරග අංශයට තෝරාගෙන ඇත.

2027 වසරේ පැවැත්වෙන 99 වැනි ඇකඩමි සම්මාන උළෙලේ ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපට (International Feature Film) කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙස ඉදිරිපත් කර ඇති මෙම චිත්‍රපටය, එම සිනමා උළෙලේදී උතුරු ඇමරිකාවේ ප්‍රථම ප්‍රදර්ශනය (North American Premiere) සනිටුහන් කරනු ඇත. චිත්‍රපටය නොවැම්බර් 14 වැනිදා මධ්‍යහන 12.00ට Culver City හි The Culver Theater හිදී තිරගත කිරීමට නියමිතය.

ප්‍රභාත් රොෂාන් සහ නිමන්ති පෝරගේ නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය, චීනය, ඉන්දියාව, මැලේසියාව, තුර්කිය, පිලිපීනය, තායිවානය, ඊශ්‍රායලය, වියට්නාමය, කසකස්තානය, මොංගෝලියාව, පාකිස්තානය, බංග්ලාදේශය, සිරියාව සහ පලස්තීනය නියෝජනය කරන චිත්‍රපට සමඟ තරග වැදීමට නියමිතය.

මෙම ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලාංකේය සිනමාවට සහාය පළ කිරීම සඳහා ලොස් ඇන්ජලීස් සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකික සිනමාලෝලීන්ට මෙම චිත්‍රපට දර්ශනය නැරඹීමට එක්වන ලෙස ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ඇරයුම් කරයි.

Riverstone චිත්‍රපට පෝස්ටරය
Riverstone චිත්‍රපට කණ්ඩායම

දර්ශනය පිළිබඳ විස්තර

දිනය2026 නොවැම්බර් 14, සෙනසුරාදා
වේලාවමධ්‍යහන 12.00
ස්ථානයThe Culver Theater, 9500 Culver Boulevard, Culver City, CA 90232, ඇමෙරිකා එක්සත් ජනපදය
ප්‍රවේශපත්‍ර මිලඩොලර් 15
වැඩි විස්තරwww.asianworldfilmfest.org/2026-films/riverstone
නිකුත් කළේ : අලෙවි, නිෂ්පාදන හා පර්යේෂණ අංශය (ජා.චි.සං)
දුරකථන : 011 2590761 / විද්‍යුත් තැපෑල - production.nfc@gmail.com